ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දඹුල්ලේ පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (7) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක සල්මාන් අගා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගය සඳහා හිටපු නායක චරිත් අසලංක මෙන්ම ධනංජය ද සිල්වා කැඳවා තිබේ.
ධනංජය ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට පැමිණ ඇත්තේ 2014 වසරේ ජූනි මස විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව වීම සුවිශේෂීය.

