සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තීරණාත්මක දෙවන තරගය අද (09) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. ඒ අනුව තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රාහී බලාපොරොත්තු තබා ගැනීමට නම් අද පැවැත්වෙන මෙම තරගය ජයගැනීම අනිවාර්ය වී ඇත.
කෙසේ වෙතත්, අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කාලගුණ වාර්තා පෙන්වා දෙයි. වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ඊයේ (08) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු සැසි පවා අතහැර දැමීමට කණ්ඩායම් දෙකටම සිදු විය.
