Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බංග්ලාදේශය දැඩි තීරණයක! විස්සයි20 ලෝක කුසලානය වර්ජනයට සැරසෙයි!

10 months ago

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට සති කිහිපයක් පවතිද්දී, ඉන්දියාවේදී පැවැත්වෙන සිය තරගවලට සහභාගී නොවන බවට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) ගත් තීරණය අද (13) යළිත් තහවුරු කර තිබේ. ආරක්ෂක හේතූන් මත මෙම තීරණය ගත් බව පවසන බංග්ලාදේශය, සිය තරග ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස කළ ඉල්ලීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රතික්ෂේප කර ඇත.

ICC ස්ථාවරය සහ කාලසටහන

අද පැවැති සාකච්ඡාවේදී ICCය අවධාරණය කර ඇත්තේ තරග කාලසටහන දැනටමත් අවසන් කර ඇති බැවින් එය සංශෝධනය කළ නොහැකි බවයි. බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවේදී කිසිදු තර්ජනයක් නොමැති බවට ICCය සහතික වී ඇති අතර, ඒ අනුව කාලසටහන වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔවුන් නිවේදනය කර ඇත.

අර්බුදයට මුල IPL සහ මුස්තාෆිසුර්?

බංග්ලාදේශය මෙම දැඩි තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) බලපෑම මත එළැඹෙන IPL තරගාවලියෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉවත් කිරීමට ගත් තීරණයයි. මෙයට විරෝධය පාමින් බංග්ලාදේශය තුළ IPL තරගාවලිය විකාශනය කිරීමද එරට බලධාරීන් දැනටමත් තහනම් කර තිබේ.

ලෝක කුසලානයට එල්ල වන බලපෑම

බංග්ලාදේශය සිය ස්ථාවරය වෙනස් නොකළහොත්, 2007 වසරේ සිට අඛණ්ඩව ලෝක කුසලාන තරගාවලි 9කට සහභාගී වූ බංග්ලාදේශ කණ්ඩායම නොමැතිව මෙවර තරගාවලිය පැවැත්වීමට සිදුවනු ඇත.

බංග්ලාදේශයේ මූලික වටයේ තරග සැලසුම:

  • පළමු තරග 3: කොල්කටා
  • 4 වන තරගය: මුම්බායි

සම සත්කාරකත්වය සහ ආරම්භය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන මෙවර විස්සයි20 ලෝක කුසලානය පෙබරවාරි 7 වනදා ආරම්භ වීමට නියමිතය. බංග්ලාදේශයේ ඉල්ලීමට ICC යෙන් සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණහොත් තරගාවලියේ උණුසුම සහ ප්‍රසාද ලකුණු සටහනට මෙය දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

නවතම පුවත් (Latest News)