Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හයිලන්ඩ් වෙතින් නව අයිස්ක්‍රීම් රසයන් රැසක් වෙළඳපොළට

10 months ago

දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මිල්කෝ (Milko) සමාගම, සිය සුප්‍රකට ‘හයිලන්ඩ්’ (Highland) සන්නාමය යටතේ නවතම අයිස්ක්‍රීම් බහාලුම් සහ නව රසයන් පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දීම අද (13) සිදු කළේය.

දිවයිනේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල් ජාලයක් වන GLOMARK සමඟ අත්වැල් බැඳගනිමින් පැවැත්වූ මෙම සමාරම්භක උත්සවය කොළඹ ලොන්ඩන් පෙදෙසේ පිහිටි GLOMARK ශාඛාවේදී පැවැත්විණි.

ඒ මිල්කෝ සමාගමේ සභාපති ජී.වී.එච්. ගෝඨාභය මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට එක්වූ මිල්කෝ සභාපති ජී.වී.එච්.ගෝඨාභය මහතා,

“ශ්‍රී ලංකාවේ රජය සතු එකම කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනය වන මිල්කෝ (Milko) සමාගම මීට පෙර ඈවර කර සම්පූර්ණයෙන්ම විකුණා දැමීමේ අවදානමක පැවතියද, නව රජයේ වැඩපිළිවෙළ යටතේ ඉතා කෙටි කාලයකින් එය සම්පූර්ණ වෙනස් මානයකට ගෙන ඒමට හැකි වී තිබේ. මේ වන විට සමාගම මූල්‍යමය වශයෙන් ඉතා ස්ථාවර මට්ටමක පවතින අතර, ඒ හේතුවෙන් නව නිෂ්පාදන සඳහා ආයෝජනය කිරීමේ හැකියාවද අප සමාගම සතුව ඇත. හයිලඩ් (Highland) සන්නාමය යටතේ නව අයිස් ක්‍රීම් රස කීපයක් වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර, මේ වසරේදී තවත් නවෝත්පාදන කිහිපයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම, දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ බඩල්ගම කර්මාන්තශාලාව මේ වසරේදී ප්‍රතිසංස්කරණය ආරම්භ කර, ලබන වසරේ මුල් භාගය වන විට එහි නිෂ්පාදන කටයුතු ඇරඹීමටද අපේක්ෂා කෙරේ. සමාගම සම්පූර්ණයෙන්ම දේශීය කිරි ගොවීන්ගේ නිෂ්පාදන මත යැපෙන බැවින්, ඔවුන්ට වැඩි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරයි. මෙහි විශේෂ පියවරක් ලෙස, පසුගිය වසරේ කිරි ලබා දුන් සියලුම ගොවීන්ට පෙබරවාරි මාසයේ මුල් සති කිහිපය තුළ බෝනස් මුදලක් ලබා දීමට ද තීරණය කර ඇත.”

නවතම පුවත් (Latest News)