වෙළඳපොල තුළ කිරිපිටි මිල පහත දැමීමත් සමඟ හෙට (16) දිනයේ සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමයේ සභාපතිවරයා විසින් අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර සිටියා.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල හෙට (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කිරීමටද ඔවුන් එකඟවී ඇත.
