Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ටින් අංකය පිළිබඳව දැනුම්දීමක්

10 months ago

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 සම්පූර්ණ කළ පුරවැසියන් අතුරින් මිලියන 12ක පිරිසක් මේ වන විට බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් TIN (Taxpayer Identification Number) ලබාගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දේශීය ආදායම් කොමසාරිස් නන්දන කුමාර මහතා ප්‍රකාශ කළේ තවත් මිලියන 5ක පමණ පිරිසක් මෙතෙක් එම අංකය ලබාගෙන නොමැති බවයි.

ටින් අංකය මෙතෙක් ලබාගෙන නොමැති මිලියන 5ක පිරිස, ඉදිරියේදී ස්වේච්ඡාවෙන්ම ඒ සඳහා ලියාපදිංචි වනු ඇතැයි දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

පසුගිය වසරේ මෙන්ම මෙම වසර සඳහා ද රජය විසින් ලබාදී ඇති ආදායම් ඉලක්ක සපුරාලීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උපරිමයෙන් කටයුතු කරන බව කොමසාරිස්වරයා අවධාරණය කළේය.

රජයේ නව බදු ප්‍රතිපත්ති ප්‍රකාරව වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුම ටින් අංකයක් ලබාගැනීම අනිවාර්ය කර ඇති අතර, එය රටේ බදු පදනම පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාවට නැංවූවකි.

නවතම පුවත් (Latest News)