Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොව විශාලතම Purple Star Sapphire මැණික කොළඹදී එළි දක්වයි

10 months ago

ලොව විශාලතම ස්වභාවික දම් පැහැති “Purple Star Sapphire” ලෙස සැලකෙන “Star of Pure Land” මැණික කොළඹදී පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවකදී ඊයේ (17) නිල වශයෙන් එළි දැක්වුණා.

මෙම මැණික කැරට් 3,536 බරින් යුක්ත වන අතර, අමෙරිකානු මැණික් විද්‍යායතනය (GIA) විසින් ස්වභාවිකව නිර්මාණය වූ, Unheated දුර්ලභ ගණයේ මැණිකක් ලෙස සහතික කර තිබේ. ලංකා මැණික් විද්‍යා රසායනාගාරය (LGL) මගින්ද මෙහි ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කර ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මැණිකේ මුළු මතුපිටම පැහැදිලිව දිස්වන හය කිරණින් යුත් තාරකාවක හැඩය (Six-ray asterism) සහ එය රවුම් කැබොෂොන් ක්‍රමයට කපා නිමවා ඇති බවයි.

විදෙස් වාර්තා අනුව, මෙම මැණිකේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300 – 400 අතර විය හැකි බව සඳහන්. දැනට මෙය Tucson Masterpiece Gem Society ආයතනයේ භාරකාරත්වය යටතේ තිබේ.

වසර මිලියන ගණනාවකට පෙර භූ විද්‍යාත්මක ක්‍රියාවලීන් හරහා නිර්මාණය වූ මෙම අගනා මැණික රත්නපුර ප්‍රදේශයෙන් හමු වී ඇති බවද වාර්තා වේ.

නවතම පුවත් (Latest News)