Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා යොවුන් පිලට තවත් ජයක්

10 months ago

වයස අවු. 19න් පහළ යොවුන් එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – අයර්ලන්ත කණ්ඩායම් අතර අද (19) පැවති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා.

ඒ අයර්ලන්ත යොවුන් කණ්ඩායමට ලකුණු 106ක පරාජයක් අත්කර දෙමින්.

එහිදී ලකුණු 268ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත පිලට පන්දුවාර 40.1ක් අවසානයේ කඩුළු සියල්ල දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 161ක් පමණයි.

අයර්ලන්තය වෙනුවෙන් කැලම් ආම්ස්ට්‍රෝං ලකුණු 37ක්ද, රොබ් ඕ’බ්‍රයන් ලකුණු 17ක්ද, සෙබස්තියන් ඩිජ්ක්ස්ට්‍රා ලකුණු 10ක්ද, රූබන් විල්සන් ලකුණු 32ක්ද, නායක ඔලිවර් රිලී නොදැවී ලකුණු 31*ක්ද ලෙසින් කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු රැස්කළ ක්‍රීඩකයින් බවට පත්වුණා.

පන්දු යැවීමේදී දුල්නිත් සිගේරා කඩුළු 04ක්ද, රසිත් නිම්සර කඩුළු 03ක්ද, සෙත්මිකා සෙනෙවිරත්න, විරාන් චමුදිත, කුගදාස් මාතුලන් එක් කඩුල්ල බැගින්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් දවාගත්තා.

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර, එහිදී ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 267ක් රැස් කළා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ශ්‍රී ලංකා නායක විමත් දින්සර ලකුණු 95ක්ද, කවිජ ගමගේ ලකුණු 49ක්ද, දුල්නිත් සිගේරා ලකුණු 22ක්ද, චාමික හීනටිගල නොදැවී ලකුණු 51*ක්ද ලෙසින් කණ්ඩායමේ ඉහළම ලකුණු ලාහීන් බවට පත් වුණා.

පන්දු යැවීමේදී අයර්ලන්ත යොවුන් කණ්ඩායම වෙනුවෙන් ඔලිවර් රිලී කඩුළු 02ක්ද, රූබන් විල්සන්, ලූක් මරේ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

නවතම පුවත් (Latest News)