Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජූනි මාසය අවසානයේ ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනස ගැන මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

5 months ago

රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කරන ඉන්ධන සහනාධාරය ජුනි මාසය අවසානයේදී අවසන් වන අතර, ඉන් අනතුරුව පවතින තත්ත්වය මත පදනම්ව තීරණයක් ගැනීමට නියමිත බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.

මේ වන විටත් ඉන්ධන ඇණවුම් සිදු කර ඇති බවත්, ඒවා ඇණවුම් කර ඇත්තේ පෙර පැවති වැඩි මිල ගණන්වලට බවත් ‘දෙරණ 360’ වැඩසටහනට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අදාළ ඉන්ධන සහනය ලබා දුන්නේ මාස තුනකට බවත්, එම මාස තුනෙන් පසුව, බලාපොරොත්තු නොවන තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවහොත් ඊට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිපාදන රැස් කරගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ජුනි 08 වැනිදා වන විට රජයේ ආදායම් එකතු කිරීම් ඉලක්ක ඉක්මවා යමින් 120% ක් දක්වා ළඟා වී ඇති බවත්, බලාපොරොත්තු නොවන තත්ත්වයන්ට මුහුණ දීමට සහ ඒවා කළමනාකරණය කිරීමට අවස්ථාව ඇති බවයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

නවතම පුවත් (Latest News)