ඉන්දියන් සාගරයේ ඇතිවූ 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූචලනය සම්බන්ධයෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය මේ බව සඳහන් කර තිබේ.
ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ රියූනියන් (Mauritius / Reunion) කලාපයේ අද (24) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.5ක විශාලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබුණි.
අද පස්වරු 4.36ට පමණ සිදුව ඇති මෙම භූ චලනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් (අක්ෂාංශ 17.78S සහ දේශාංශ 65.82E) හටගෙන ඇති බව එම මධ්‍යස්ථානය පස්වරු 5.10ට නිකුත් කළ භූ චලන නිවේදනයේ සඳහන් විය.
