Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉතිහාසයේ පළමුවරට ඇමෙරිකාවේ නව තානාපති පුටුව කාන්තාවකට! ඇමති විජිතගෙන් හෙළිදරව්වක්!

7 minutes ago

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය, අමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතියනිය ලෙස පත් කිරීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

අද (23) පාර්ලිමේන්තුවේ දී පිළිතුරු කතාව සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අරුණි රණරාජා මහත්මිය එම ධුරයට පත්වුවහොත් අමෙරිකාවේ තානාපති ලෙස කාන්තාවක් පත්වන පළමු අවස්ථාව මෙය වේ.