Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධික වැසි මැද මධ්‍යම කඳුකරයේ භූචලන ඇතිවීමේ අවදානමක්

1 hour ago

අධික වර්ෂාපතන පවතින කාලසීමාවක් තුළ මෙරට මධ්‍යම කඳුකරය තුළ භූචලන ඇතිවීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපුජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න මහතා පවසයි.

“ලංකාව ඇතුළේ කම්පන සිද්ධ වෙන එක ගැන අපි බොහෝම විමසිල්ලෙන් ඉන්නවා. ඒකට හේතුව තමයි ලංකාව ඇතුළෙන් කම්පන සිද්ධ වෙන්න පුළුවන් එක හේතුවක් තමා පහුගිය දවස්වල කතා වුණා අධික වර්ෂාවකට පස්සේ අපේ ජලාශ වතුරෙන් පිරුණහම, ජලාශවලට පහළින් තියෙන පාෂාණ තට්ටුවල බරපතළ ආතතියක් ඇති වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය නිසා පාෂාණ තට්ටුවල තියෙනවා පැලුම් තල කියලා ජාතියක්. ඒ පැලුම් තලවල සුළු සුළු චලනයන් මතුවෙනවා. ඒ සුළු සුළු චලනයන් ඇති වෙනකොට ඒ කාලවල ඇති වෙන්න පුළුවන් කම්පන. ඒවා දැන් අවුරුදු 5 – 6ක කාලයක් තිස්සේ අපිට වාර්තා වෙලා තියෙනවා මධ්‍යම කඳුකරයේ. අපි රජයෙන් ඉල්ලීමක් කළා ලංකාවේ වැඩිපුර කම්පන මාන සවි කරන්න කියලා. ඊට පෙර තිබුණේ කම්පන මාන 4යි ලංකාවටම. දැන් කම්පන මාන 13 – 14ක් මධ්‍යම කඳුකරයේ සහ අදාළ ප්‍රදේශවල සවිකර තියෙනවා.”

මේ අතර ඉන්දියානු සාගර කලාපයේ නැගෙනහිර කාලපය තුළ පමණක් සිදුවන භූ කම්පනවලින් මෙරටට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න මහතා පවසයි.

ඉන්දියානු සාගර කලාපයේ මොරීෂස් කලාපයේ ඊයේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රභලත්වයෙන් යුතු භූ කම්පනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ඔය කියන භූමිකම්පාව සිදුවෙලා තියෙන්නේ, ඉන්දියානු සහ ඔස්ට්‍රේලියානු තලය දෙකට බෙදිලා තියෙන මේ තලයේ බටහිර මායිමේ ලංකාවෙන් බොහෝ දුර ගැඹුරු මුහුදේ නිසා අපිට සුනාමි හෝ කිසිම අනතුරක් සිදුවෙන්න ඉඩක් නෑ. අපිට භූමිකම්පාවලින් බලපෑමක් ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන් එකම පැත්ත තමා නැගෙනහිර කලාපයේ ඉන්දුනිසියාවේ, අන්දමන් දූපත් ආශ්‍රිතව නොගැඹුරු මුහුදේ පතුල ආසන්නයේ කම්පනයක් සිදුවුවහොත් පමණයි සුනාමි එන්න පුළුවන්. එහෙම නැතුව වෙන කොහේ සිදුවුණත් අනතුරක් නෑ.”