Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සරසවි අනධ්‍යයන සේවකයින් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක

1 hour ago

අයවැයට විරෝධය පළ කරමින් අද (25) දිනයේ දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

එම කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ වැඩවර්ජනයට සමගාමීව සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර ද පැවැත්වීමට නියමිත බවයි.

රජය බලයට පත්වීමෙන් පසු ඉදිරිපත් කළ පළමු අයවැයේ සිට විශ්වවිද්‍යාල ප්‍රජාව සතු අයිතිවාසිකම් කප්පාදු කර ඇති බවට ඔහු චෝදනා කළා.

එමෙන්ම, සාකච්ඡාවලදී ඇති කරගත් එකඟතා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත්, 2027 අයවැය මඟින් ද විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස රජයට බලපෑම් කිරීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, ප්‍රධාන වෘත්තීය සමිති නවයක නායකයින් කොළඹට පැමිණ රජයට බලපෑම් කිරීමට ද නියමිත බව වාර්තා වනවා.