නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (27) තීරණය කර ඇත.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මීට පෙර පවසා සිටියේ, මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනයට එක්වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය මධ්‍යම කාරක සභාව රැස්ව තීරණය කර බවය.
ඒ අනුව එම කාරක සභාව අද රැස්වූ අතර, ඉන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
