Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්දට, ගෝඨාට හා බැසිල්ට වැඩ වරදින ලකුණු! රට බංකොලොත් කළාට වන්දි ඉල්ලා නඩු පවරයි!

3 years ago

රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන්, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවට අනුව, ඔවුන්ගෙන් වන්දි ඉල්ලා වන්දි නඩු පැවරීමට, සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන නඩු තීන්දුව අනුව යමින්, අදාල වග උත්තරකරුවන්ගෙන් වන්දි ඉල්ලා වන්දි නඩු පැවරිය හැකි බවට නීති විශාරදයෝ පෙන්වා දෙති.

ඒ අනුව යමින් අදාල වන්දි නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව, සමස්ත ලංකා පාරිභෝගික එකමුතුවේ මහලේකම් මිලින්ද ප්‍රේමරත්න මහතා පවසයි.