හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන්දෙනෙකුට එරෙහි නඩුවක් කොළඹ මහාධිකරණය හමුවේ අද යළි විභාගයට ගෙන තිබෙනවා.
අල්ලස් කොමිසමයි මෙම නඩුව පවරා ඇත්තේ.
2014 වසරේ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමක් වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකළ බවට මොවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු වැඩිදුර සාක්ෂි විභාගය ලබන මාර්තු මස 21 වනදා තෙක් කල් තැබුණා.
2014 වසරේ අගෝස්තු මස 01 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 01 වන දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය ” සී ගල්ෆ් යූ.කේ ප්‍රයිවට් ලිමිටඩ්” නැමැති සමාගම වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹ වු බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ තුළින් රජයට පාඩුවක් සිදුකළ බවයි චෝදනාවල සඳහන් වන්නේ.
