මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විට ලෝක වෙළදපළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බවයි.
නමුත් ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් ගෑස් මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් ඒ සදහා වු යෝජනා මුදල් අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවත් සදහන් වේ.
පසුගිය මාසයේ ද ගෑස් මිල සංශෝධනයක් සිදු නොවු අතර අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුවුයේ පසුගිය ඔක්තෝබර් මාසයේ දීය.
