Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

38 හැවිරිදි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙක් කාර්යාලයේදී හදිසියේම මිය යයි

2 years ago

කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකු හදිසියේ ඇතිවූ බව කියන අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව නාරාහේන්පිට පොලිසිය පවසනවා.

පෙරේදා (07) රාත්‍රීයේ එම කාර්යාලයේ විවේකී කාමරයේදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙස කටයුතු කළ අයෙක්.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා සකස් කිරීමේ රාජකාරි කටයුත්තක් සදහා ඒ මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඔහුගේ කාර්යාලයට පැමිණ රාජකාරී කර ඇති අතර පසුව ඒ අසල පිහිටි විවේකී කාමරයේ සිටියදී මෙසේ මියගොස් ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.

ඔහු මියගොස් සිටි ස්ථානයේ ලේ වමනය වැනි යමක් තිබී හමුවී ඇති බවද පොලිසිය පවසනවා.

දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.