ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගුරු විභාග දෙකම දැනට පවතින නඩු කටයුතුවලට අදාළ අධිකරණ තීන්දුවලට යටත්ව පවත්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මොනරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම සඳහා මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂා කරන පිරිස් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, උපාධිය ලබාගත් දිනය සම්බන්ධ කොන්දේසි සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අනාවරණය කළාය.
ඒ අනුව අදාළ සංශෝධන සිදුකිරීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලීමට දැනටමත් කටයුතු කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම රජයේ ප්‍රමුඛතාවක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ගුරු පුරප්පාඩු පිරවීම සඳහා විධිමත් පටිපාටියක් අනුගමනය කරන බව අවධාරණය කළාය. නීතිමය ක්‍රියාවලිය අවසන් වූ වහාම විභාග කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදුකිරීමට පියවර ගන්නා බවද ඇය මෙහිදී සහතික විය.
