Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැල්ලවත්ත Sriyani Dress Point නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කරන්නට පූජා හෙග්ඩේ ලංකාවට

1 week ago

ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ සන්නමයක් වන ශ්‍රියානි dress point වැල්ලවත්ත ශාඛාව නොවැම්බර් 11 වන හෙට දින විවෘත වන අතර එම අවස්ථාවට සහභාගී වීම සඳහා ජනප්‍රිය ඉන්දීය නිළි පූජා හෙග්ඩේ මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඇය පිළි ගැනීමට ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතනයේ ඉහළ කළමනාකාරීතවය මෙන්ම විශාල ජනකායක් ගුවන්තොටුපොළට රැස්ව සිටිනු දැක ගත හැකි විය. 

“Butta Bomma” සහ “Monica Monica” වැනි අතිශය ජනප්‍රිය ගීත හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් පූජා හෙග්ඩේ, හෙට දින පැවැත්වෙන මෙම සමාරම්භක උත්සවයට විශේෂ අමුත්තියක ලෙස එක්වීමට නියමිතය. මෙම උත්සවයේදී ලියාපදිංචි වූ රසික රසිකාවියන්ට ඇය හමුවීමටත්, ඇය සමඟ ඡායාරූප ගැනීමටත් විශේෂ අවස්ථාවක් හිමිවනු ඇත.

පවුලේ සැමට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ගෘහ අලංකරණ භාණ්ඩ සහ එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසකින් සමන්විත ‘ශ්‍රියාණි ඩ්‍රෙස් පොයින්ට්’ හි කොළඹ ප්‍රථම දැවැන්ත ප්‍රදර්ශනාගාරය විවෘත වන මෙම උත්සවය සඳහා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයින් සහ තවත් ක්ෂේත්‍ර රැසක සුවිශේෂී තරු රැසක් ද සහභාගී වීමට නියමිතය.