ඉන්දුනීසියාවේ බාලිහි පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අතරතුර අධ්යක්ෂවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපතිවරයා ලෙස ජේ ෂා මහතා දෙවැනි වරටත් ඒකමතිකව තේරී පත්ව තිබේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ව්‍යාප්තිය, ප්‍රේක්ෂක ආකර්ෂණය වර්ධනය කිරීම සහ වාණිජමය සංවර්ධනය ප්රමුඛ කරගත් ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම මෙහිදී අරමුණු කර ඇති අතර, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වීම හරහා නව ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව කාන්තා ක්‍රිකට් සංවර්ධනය, සහකාර සාමාජික රටවලට අවස්ථා ලබාදීම සහ තිරසර වාණිජ අවස්ථා නිර්මාණය කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇත.
තමන් කෙරෙහි විශ්වාසය තැබූ අධ්යක්ෂ මණ්ඩලයට ස්තූතිවන්ත වන බව ප්‍රකාශ කර ඇති ජේ ෂා මහතා, ක්‍රිකට් ක්‍රීඩාව එහි ඉතිහාසයේ වඩාත්ම වැදගත් කාල පරිච්ඡේදයකට පිවිසෙමින් සිටින බවත්, ඔලිම්පික් උළෙල හරහා ලොව පුරා නව ප්‍රේක්ෂකයන් වෙත ක්‍රීඩාව රැගෙන යාමට කටයුතු කරන බවත් සඳහන් කර තිබේ.
