මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ මූල්‍ය සහනය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.
ඔහු එහිදී පවසා ඇත්තේ, මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුල්‍ය සහන භාවිත කළ හැකිව තිබුණේ වෙළෙඳ ශේෂ අර්බුද සමනය කරගැනීමට වුවත් මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ විශේෂත්වයක් ඇති බවය.
ඒ අනුව මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ අරමුදල් රජයේ සාමාන්‍ය වියදම් සඳහා භාවිත කිරීමට හැකියාව ලැබී තිබේ.

