කුකුළු මස් මිල රුපියල් 260 කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් පවසයි.
ඒ උත්සව සමය සහ සති අන්තය හේතුවෙන් මෙලෙස කුකුළු මස් මිල ගණන් ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
මේ අතර සමස්ත ලංකා මහ පරිමාණ හා මධ්‍ය පරිමාණ කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් වීරසිංහ පැවසුවේ මේ වනවිට කුකුළු මස් කර්මාන්තය පාඩු ලබමින් ඇති බවයි.

