Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට ඉන්ධන මිල යළි ඉහළ යන ලකුණු

4 years ago

ලෝකයේ ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන් වන සෞදි අරාබිය සහ ඔපෙක් සාමාජික රටවල් සිය ඉන්ධන නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ හෙළීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව දෛනිකව බැරල් මිලියන 1.16ක් පමණ නිෂ්පාදනය අඩුකිරීමට එම රටවල් තීරණය කර තිබුණි.

ඒ අනුව මේ වනවිට රුසියාව සහ අනෙකුත් ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර ඇති බැවින් දෛනිකව අඩුකර ඇති ඉන්ධන නිෂ්පාදන ධාරිතාව බැරල් මිලියන 3.66ක් හෙවත් ලෝක ඉන්ධන ඉල්ලුමෙන් 3.7% බව දැක්වෙයි.

ඒ හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළයාම නොවැළක්විය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පැවසූ බව එම වාර්තාවේ සඳහන්ව තිබුණි.

මේ හේතුවෙන් ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ ගියහොත් ඊළග මිල සංශෝධනයේදී මෙරට ඉන්ධන මිල ද ඉහළ යාමට නියමිතව තිබේ.