Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය වරදවා තේරුම්ගත් අයට මහබැංකුවෙන් පැහැදිලි කිරීමක්

4 years ago

ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා සිදුකළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථ කථනය කර ඇති බවයි.

ඉදිරි කාල පරිච්ඡේදය තුලදී ශ්‍රී ලංකා ආර්ථිකය දැනට පවතින තත්ත්වයටත් වඩා දුෂ්කර වනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ඇතැම් වාර්තා සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත්, මහබැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මහබැංකු අධිපතිවරයා එවැන්නක් ප්‍රකාශ නොකළ බවයි.

පසුගිය වසරේ ඇති වූ සමාජ ආර්ථික අර්බුද වලට සාපේක්ෂව රජය සහ මහබැංකුව ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය හේතුවෙන් ආර්ථික තත්ත්වයේ ස්ථායිතාවයක් ඇතිව තිබෙන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, අපේක්ෂිත ආර්ථික ගැලපුම් වැඩසටහනේ යම් ප්‍රමාදයක් ඇතිවුවහොත් ඉදිරි ආර්ථික දැක්ම දුර්වල වන අතර, එමගින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම අවදානමකට ලක්වී ඇති බව මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ බව මහබැංකු සන්නිවේදන දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළා.