Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාවේ බිත්තර සාමාන්‍ය ජනතාවටත් ?

4 years ago

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාදුනහොත් ආනයනික බිත්තර පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, ඒ සඳහා මේ වන විටත් අදාළ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවය.

දැනට එම බිත්තර බස්නාහිර පළාත තුළ බේකරි නිෂ්පාදන හා හෝටල් කර්මාන්ත සඳහා පමණක් අලෙවි කිරීමට මෙතෙක් අවසර ලබාදී ඇති බව ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.

මේ අතර තවත් බිත්තර මිලියනක් රැගත් නෞකාවක් ඊයේ (26) රාත්‍රී දිවයිනට පැමිණ තිබේ.