Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉදිරි සති දෙක තුළ කුකුළු මස් හා බිත්තර මිලෙහි සිදුවන වෙනස

4 years ago

ඉදිරි සති දෙක තුළ කුකුළු මස් සහ බිත්තර මිල පහත වැටීමෙන් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ අත්වන බව සමස්ත ලංකා කුකුළු ගොවිපල හිමියන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසීය.

සත්ත්ව ආහාර මිල අඩු කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම සහනය ලබාදීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළේය.

එම සංගමය බදාදා (26) රජයේ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත. දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව අවශ්‍ය සත්ත්ව ආහාට තොග ආනයනය කිරීමටත් වාර්ෂික වී අස්වැන්නෙන් අතිරික්ත වී ප්‍රමාණය සතුන් සඳහා ලබාදීමටත් රජය කඩිනම් තීරණයක් ගැනීමට එකඟ වූ බවත් මෙම තීරණය නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමට ඉවහල් වන බවත් ඔහු පැවසීය.

‘අවශ්‍ය සත්ත්ව ආහාර අඩු මිලට ලැබෙනවා නම් ඒ වාසියත් ජනතාවට ලැබෙනවා.’ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඩු මිලට ලබා ගත හැකි නම් එය කුකුල් මස් සහ බිත්තර කිලෝවක විකුණුම් මිල අඩු කිරීමට උපකාරී වනු ඇතැයි ගුණසේකර මහතා පැවසීය.