ලංකාවේ ප්‍රකට ව්‍යාපාරික සමාගමක් වන (Nestlé Lanka PLC) සමාගමේ නීති ලේකම්වරයා මෙන්ම සහය අධ්යක්ෂ කීර්ති පතිරාජ ඊයේ (03) දින කොළඹ කොටස් වෙළඳපොළ වෙත ලිපියක් යොමුකර ඇත.
කොළඹ කොටස් වෙළඳපොළ හි ප්‍රධාන පරිපාලන නිලධාරී වෙත (Nestlé Lanka PLC) සමාගමෙන් යොමුකර ඇති ලිපියෙන් සදහන් කර ඇත්තේ තම සමාගම කොටස් වෙළදපොළින් ඉවත් වන බවයි.
තවද තම සමාගම වන (Nestlé Lanka PLC) කොටස් වෙළඳපොළෙන් ඉවත් වන බව සමාගමෙහි කළමනාකාර අධ්යක්ෂ, බර්නාඩ් ස්ටෙෆාන් මාධ්‍යට සදහන් කර ඇත.
සමාගමෙහි කළමනාකාර අධ්යක්ෂ, බර්නාඩ් ස්ටෙෆාන් තවදුරටත් සදහන් කර ඇත්තේ,
“ශ්‍රී ලංකාව කෙරෙහි තම දායකත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා, සිය කාර්යක්ෂමතා වැඩි කිරීමට සමාගම නිරන්තරයෙන් පියවර ගනියි. ඒ අනුව, අවශ්‍ය අනුමැතියට යටත්ව, නෙස්ලේ ලංකා සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.
මෙය, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත වාර්තාකරණ සහ අනුකූලතා අවශ්‍යතාවලට අනුගත වෙමින්, සිය ප්‍රධාන ව්‍යාපාරික ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සමාගමට උපකාර වනු ඇත. අපගේ කොටස් හිමියන් අප කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසයට සහ වසර ගණනාවක් පුරා ලබා දුන් නිරන්තර සහයෝගයට අපි ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමු.
මෙම යෝජනාව අපගේ කොටස් හිමියන්ගේ යහපතට හේතු වන බව අපි තරයේ විශ්වාස කරන අතර ඔවුන්ට ආකර්ෂණීය සහ සාධාරණ ප්‍රතිලාභයක් පිරිනමන බවට සහතික වෙමු. අතීතයේ දී මෙන්, අපි දිගටම ප්‍රජාවන් සමඟ කටයුතු කරමින්, අපගේ ලාංකික පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන පිරිනමමින්, මිහිකතට ද යහපතක් කිරීමට කැපවී සිටින්නෙමු.
අපගේ මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාවය තව දුරටත් ඉහළ නංවමින්, ශ්‍රී ලංකාවටත් සහ එහි ජනතාවටත් අපගේ පොරොන්දුව ඉටු කිරීම කෙරෙහි අපි කැපවී සිටින්නෙමු”

