සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති බව එහි සභාපති නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේය.
මීට පෙර සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225 ක් වූ අතර එහි නව මිල රුපියල් 250 කි.
ඉන්දියාව සීනි අපනයනය සීමා කිරීම, එලෙස මිල ගණන් ඉහළ දැමීමට හේතුවී ඇතැයි ඔහු සඳහන් කළේය.
මේ අතර, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව තිරිගු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 210 ක් දක්වා ඉහළ යන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනායනකරුවන්ගේ සංගමය පැවසුවේය.
තිරිගුපිටි සඳහා පනවා තිබූ රුපියල් 03 ක බදු සහනය ඉවත් කිරීම, ඊට හේතුවී තිබේ.

