Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියලේ ශක්තිමත් වීම ඉදිරියේ රත්‍රංවල ගණන් බසී

4 years ago

ශ්‍රි ලංකා රුපියලෙහි ශක්තිමත් වීම හමුවේ රත්‍රං මිල ඊයේ (12) දිනයේ පහළ ගොස් තිබෙනවා.

සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ භාණ්ඩාගාරික ආර්. සුබ්‍රමනියම් සදහන් කළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 2000කින් සහ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 4000 කින් අද දිනයේ අඩු වී ඇති බවයි.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 157,125 ක් ලෙස සටහන් වූ අතර කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 172,500 ක් ලෙසයි.