Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතාවට තවත් සහනයක්! සිමෙන්ති මිලෙහි වෙනසක්!

4 years ago

සිමෙන්ති මිල ලබන සතියේ අඩු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

සිමෙන්ති නිෂ්පාදකයින් සඳහන් කළේ ලබන සතියේ දී සිමෙන්ති කොට්ටයක මිල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් ලෙසයි සඳහන් වන්නේ.

මේ අතර, නිවාස ඉදිකිරීම සඳහා ණය ගැනීම සීමාවීමත් සමඟ සිමෙන්ති සඳහා පැවති ඉල්ලුම මේ වනවිට 50%කින් පමණ අඩුවී ඇති බව සිමෙන්ති නිෂ්පාදකයින් ප්‍රකාශ කළා.

ඉල්ලුම අඩුවීම හේතුවෙන් මෙරට ප්‍රමුඛ පෙලේ සිමෙන්ති නිෂ්පාදන සමාගමක් මේ වනවිට සිය කර්මාන්තශාලා හතරෙන් තුනක්ම වසා දමා තිබෙනවා.