Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෙළඳ ඇමතිගේ ප්‍රකාශය බොරුවක්! කිරිපිටි මිල පහත දැමීම සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන්ගෙන් ප්‍රකාශයක්!

4 years ago

වෙළෙඳ අමාත්‍යවරයා පැවසූ අයුරින් ලබන සඳුදා සිට කිරිපිටි මිල ගණන් පහළ දැමීමේ හැකියාවක් නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පවසන්නේ පැවති මිල ගණන් යටතේ ගෙන්වන ලද කිරිපිටි තොග තවමත් වෙළඳපොළ තුළ පවතින බවයි.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි සඳහන් කළේ ලබන සඳුදා සිටි කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් පමණ අඩුකිරීමට ආනයනකරුවන් එකඟත්වය පළ කළ බවයි.

අමෙරිකානු ඩොලරයේ අගය තවදුරටත් පහළ යෑම හේතුවෙන් ලබන සඳුදා සිට කිරිපිටි මිල යළිත් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඉකුත් අප්‍රෙල් මස පළමුවනදා සිටද කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් පහළ දැමුණා.

කෙසේවෙතත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ මිල අඩුකිරීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවතියද ලබන සඳුදා සිට මිල අඩුකිරීමට එකඟත්වයක් තමන් පළ නොකළ බවයි.

එම සාකච්ඡාවලදී රුපියල් 200 කින් පමණ මිල අඩුකිරීමට එකඟත්වය පළ කළ අතර එය ලබන 23 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කළ බවද එම සංගමය වැඩිදුරටත්  සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ලබන සඳුදා සිට මිල අඩුකළ හැකිද යන්න පිළිබඳව සංගමයේ සෙසු සාමාජිකයින් හා වෙළඳුන් සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.