අද (22) සිට බිස්කට් මිල ගණන් සියයට 08%ත් සහ 15%ත් ප්රමාණයකින් අඩු කිරීමට බිස්කට් නිශ්පාදන සමාගම් තීරණය කර ඇත.
එම නව මිල ගණන් යටතේ මේ වනවිට බිස්කට් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවද බිස්කට් නිෂ්පාදන සමාගම් සදහන් කරයි.
පසුගිය මාසවල අමෙරිකානු ඩොලරයේ අගය වැඩිවීමත් සමග බිස්කට් නිෂ්පාදකයින් එම නිෂ්පාදන වල මිල ගණන් වැඩි කළේය.
එලෙස බිස්කට් මිල ගණන් වැඩි කිරීමත් සමග වෙළදපොලේ වෙළදාම තරමක් දුරට පහත වැටුණු බවද බිස්කට් නිෂ්පාදකයින් සදහන් කරයි.

