Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකුව කෑෂ් මාර්ජින් නීතිය අහෝසි කරයි! දුරකථ, ගෘහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ 843ක මිල පහතට!

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා ආනයන සීමා ලිහිල් කිරීම සඳහා වැදගත් ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවා. ඒ අනුව ඔවුන් තීරණය කර තිබුණේ මුදල් ආන්තික අවශ්‍යතාවය (කෑෂ් මාර්ජින්) ඉවත් කිරීමටයි.

පසුගිය සමයේ ශ්‍රී ලංකාව ඩොලර් අර්බුදයට මුහුණ දෙන සමයේ ශ්‍රී ලංකා මහ බංකුව විසින් භාණ්ඩ වර්ග 843ක් ආනයනයේදී එම භාණ්ඩවල මුළු වටිනාකමට සමාන මුදල් තැන්පතුවක් පවත්වා ගත යුතු බවට නීතියක් පනවනු ලැබීය.

නමුත් නව තීරණය සමඟ එය අහෝසි වී යනු ඇත.

ඉදිරියේදී මෙම මුදල් ආන්තික අවශ්‍යතාවය අවශ්‍ය නොවන අතර මෙම තීරණය ගෙන ඇත්තේ ආනයන දිරිමත් කිරීම උදෙසාය.

ඒ අනුව ඉදිරියේදී එම භාණ්ඩ වර්ග 843 සීමාවකින් තොරව මෙරටට ආනයනය කළ හැක.

මෙම භාණ්ඩ වර්ග 843 අතරට දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පළතුරු ඇතුළු එදිනෙදා දෛනික ජීවිතයේදී ඔබට අත්‍යවශ්‍ය වන භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය රැසක් ඇතුළත්ය.

ඩොලරයේ වටිනාකම පහළ යාම හා මහ බැංකුවේ මෙම තීරණය හේතුවෙන් ඉදිරියේදී මෙම භාණ්ඩයන්හි මිල සැලකිය යුතු අයුරින් පහළ යනු ඇති බවටයි ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ.