මෙරට වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස අද (29) දිනයේ ඉහළ ගොස් තිබේ.
පසුගිය සඳුදා (22) ඩොලරයක ගැනුම් මිල 298ක් ලෙස ද, පසුගිය සිකුරාදා (26 ) රුපියල් 292ක් ලෙස ඩොලරයක ගැනුම් මිල වාර්තා විය.
අද (29) දිනයේ බැංකු කිහිපයක ඩොලරයක ගැනුම් මිල රු. 280 පරාසයට පැමිණ ඇත.
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්.
මහජන බැංකුව – රු. 287.09 – රු. 302.53
සම්පත් බැංකුව – රු. 290 – රු. 302
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 290.00 – රු. 302
සෙලාන් බැංකුව – රු. 287 – රු. 303
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.289 – රු. 305
එන්.ඩී.බී. (NDB) – රු. 288.00 – රු. 301.00
අමානා බැංකුව – රු. 293.50 – රු.300.50
ලංකා බැංකුව – රු.295.00 – රු. 309.42

