ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද (31) දිනයේ යළි පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (31) දිනයේ ඩොලරයක ගැනුම් මිල රු. 287.87ක් ලෙස ද, විකිණුම් මිල 300.92ක් ලෙස වාර්තා විය.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්.
මහජන බැංකුව – රු. 286.12 – රු. 301.50
සම්පත් බැංකුව – රු. 286.00 – රු. 298.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 288.00 – රු. 300.00
සෙලාන් බැංකුව – රු. 285.00 – රු. 301.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.286.00 – රු. 302.00
එන්.ඩී.බී. (NDB) – රු. 286.00 – රු. 299.00
අමානා බැංකුව – රු. 291.00 – රු.298.00
ලංකා බැංකුව – රු.287.00 – රු. 301.42

