ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම සඳහන් කරනවා.
එම සමාගම පවසා සිටියේ සංශෝධිත මිල ගණන් ඉදිරියේ දී ප්‍රකාශ කරන බවයි.
මේ අතර කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ යනු ඇති බව ලිට්‍රෝ සමාගම පැවසීය.
පසුගිය මස 3වනදා ලිට්‍රෝ සමාගම සිදුකළ මිල සංශෝධනයේදී ද ගෑස් මිල අඩු කළා.
වර්තමානයේදී කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍ර ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,638ක්, කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,462ක් සහ කිලෝග්‍රෑම් 2.3ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 681ක් ලෙස මිල සටහන්ව තිබෙනවා.

