අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළයෑමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල ගණන් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සදහන් කරයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ගණන් ජුනි (15) වනදා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සදහන් කරයි.
ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල 16%කින් අඩු කිරීමට නියමිත බවද තවදුරටත් සදහන් කරයි.

