Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැංකු පොළිය අඩු කිරීම ගැන මුදල් ඇමතිගෙන් දැනුම්දීමක්

3 years ago

රට තුළ පවතින උද්ධමනයේ යම් පාලනයක් තිබෙන නිසා පසුගිය සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු පොළී අනුපාතය 2.5%කින් අඩු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (09) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

මහ බැංකුව විසින් බැංකු අඩු කළ පොළී අනුපාතය වාණිජ බැංකු විසින් ඉතා ඉක්මනින්ම එම සහනය රටේ මහජනතාවට ලබා දෙනු ඇතැයිද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

රටේ සාමාන්‍ය බැංකු වල පොළිය තීරණය වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකු පොළී අනුපාතය මත බවත් එහෙත් එක්වරම වාණිජ බැංකු වලට මෙම සහනය ලබාදිය නොහැකි බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සදහන් කළේය.