කුකුළු මස් සහ බිත්තර අඩු මිලකට ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදී නීතිරීති පැනවීමට පියවර ගන්නා බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.
ඒ සඳහා වන යෝජනාවලියක් සඳහා ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
ඔහු පවසන්නේ මාළු මිල ඉහළයාම හේතුවෙන් කුකුළු මස් ව්‍යාපාරිකයින් අනිසි ලාභයක් ලැබීම සඳහා මිල ඉහළ දමා ඇති බවට නිරීක්ෂණය වන බවය.
කුකුළු මස් හා බිත්තර කර්මාන්තකරුවන් සමග ඊයේ (09) පැවති සාකච්ඡාවකින් අනතුරුව මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

