ලබන ජූලි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයෙන් විදුලි බිල අඩුවන ආකාරය පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසම මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අදාළ යෝජනාවේ දැක්වෙන්නේ ඒකක 0 – 30 දක්වා කාණ්ඩය පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සියයට 26.9කින් අඩුවන බවයි
ඒකක 31 – 60 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිලෙහි අඩුවීම සිදු වන්නේ සියයට 10.8කින්. ඒකක 61 -90 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සියයට 7.2කින් අඩු කිරීමට ද යෝජිතයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවට අනුව වැඩිම පිරිසක් පරිභෝජනය කරනු ලබන ඒකක 91 – 180 දක්වා කාණ්ඩයේ විදුලි බිල අඩුකිරීම සිදු වන්නේ සියයට 3.4කින්. ඒකක 180 ට වැඩියෙන් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිලේ අඩුවීම සිදුවන්නේ සියයට 1.3කින්.
එමෙන්ම යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා විදුලි බිලෙහි අඩුවීම සියයට 3 දශම 2ක්. කර්මාන්ත අංශය පොදු කාණ්ඩය, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන කාණ්ඩයේ විදුලි බිලෙහි කිසිඳු වෙනසක් සිදුවන්නේ නැහැ.
කෙසේ වෙතත්, හෝටල් ක්ෂේත්රයේ විදුලි බිලෙහි අඩු වීම සියයට 12 දශම 6ක්, ඒ අනුව ලබන ජූලි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට අනුව සමස්තයක් ලෙස විදුලි බිල අඩුවන්නේ සියයට 3කින්.

