Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහන ගෙන්වීම සඳහා අවසර ලබාදීමට රජය විසින් ගත් නවතම තීරණය

3 years ago

රටේ ජනගහණයෙන් සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකු පසුගිය වසර 05 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.

ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු පැවසුවේ මින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවයි.

ඉදිරියේදී වාහන ආනයනයේදී බදු මුදල ඩොලර්වලින් ගෙවීම සිදු කරන පුද්ගලයින් හට වාහන ආනයනය සඳහා අවසර ලබා දීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.

2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714ක්.
2015දී – වාහන 652,446ක්
2016දී වාහන 466,986ක්
2017දී වාහන 448,320ක්
2018දී වාහන 496,282ක්
2019දී වාහන 332,452ක්
2020දී වාහන 102,228ක්