ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින් පවතිනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ මෙය ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඇති වූ තත්ත්වයක් වන බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව එය කළමනාකරණ කිරීමට කටයුතු කරනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
“මේකට ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. ඩොලර් මිල තීරණය වෙන්නේ ඉල්ලුමත් සැපයුමත් අතර.
දැනට මහ බැංකුව ඩොලර් බිලියන 03ක ප්‍රමාණයක් මිලදී ගත්තා. ඒ නිසා තමයි ඩොලර් එක ඔය තැනවත් තිබෙන්නේ. නැතිනම් තවත් යනවා.”
මේ අතර අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (15) දිනට ගැනුම් මිල සටහන් වී ඇත්තේ රුපියල් 311.60ක් ලෙසයි.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 328.92ක් ලෙසයි.
මේ අතර මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතිකය එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද (15) ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 315ක් දක්වා ද විකුණුම් මිල රුපියල් 335ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

