Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ක්ෂණිකව ඉහළට! පරිප්පු 30කින්! සීනි 20කින්!

3 years ago

ගතවූ දින කිහිපය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම දුර්වල වීමත් සමඟ වෙළෙඳපොලේ භාණ්ඩ මිල ගණන් ක්ෂණිකව ඉහළ ගොස් ඇති අයුරු නිරීක්ෂණය වෙයි.

තොග වෙළෙඳුන් පවසන්නේ භාණ්ඩ ආනයනකරුවන් මිල ගණන් ඉහළ නැංවීම හේතුවෙන් මෙලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් ඇති බවය.

අල, ලුණු, සීනි සහ පරිප්පු ආදී ද්‍රව්‍යවල තොග මිල ගණන් මෙලෙස ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි.

වෙළෙඳුන් පවසන්නේ පසුගිය දින කිහිපය තුළ පරිප්පු කිලෝවක මිල රුපියල් 30කින් වැඩිව ඇති බවය.

එමෙන්ම සීනි කිලෝවක මිලද රුපියල් 20 – 30ත් අතර මුදලකින් වැඩිව ඇති බවයි පවසන්නේ.

මේ අතර, ඩොලරය වැඩිවීම හේතුවෙන් ලොකු ලූනු මිලද වැඩි කර තිබෙනවා.