උද්ධමනය අඩුවීමට සමාන්තරව ඉදිරි මාස දෙක තුළදී වෙළෙඳපොළ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එහිදී බැංකු පොලී අනුපාත ද පහළ යනු ඇති බවය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (19) පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ මේ වසරේ වාහන ආනයනයට අවසර ලබාදීමේ ඉඩක් නොමැති බවය.

