Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුකුළු මස් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

3 years ago

ඉදිරි සති කිහිපය තුළ කුකුළු මස් මිල අඩු කිරීමට හැකි වනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එම මිල අඩු කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර ඒ සඳහා වන යෝජනාවක් දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළේ.