Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තීන්ත හා සිමෙන්ති මිල පහත දැමීමට එකඟතාවක්

3 years ago

සිමෙන්ති සහ තීන්ත මිල ලබන සතියේ සිට අඩුවනු ඇතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ මිල අඩුවනවාදැයි වෙළඳපොළ පරීක්ෂාද දැඩි කරන බවයි. 

මේ අතර ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ඉදිරියේදී සිමෙන්ති මිල රුපියල් 300ත් 400ත් අතර මිලකින් අඩුවනු ඇති බවයි.

එමෙන්ම වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේ තීන්ත මිල 30%කින් පහත දැමීමට තීන්ත නිෂ්පාදන සමාගම් එකඟ වී ඇති බවයි.