මේ මස (30) වැනිදා බැංකු නිවාඩුවක් බවට පත්කර ඇති අතර (29) වැනිදා සිට ජුලි මස (03) වනදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ලෙස නම් කර ඇත.
බැංකු නිවාඩුවක් දී තිබුණ ද සමාන්‍ය නිවාඩු දිනයකදී ක්‍රියාත්මක වන ATM බැංකු කටයුතු සහ අන්තර්ජාල බැංකු කටයුතු වලට කිසිදු බාධාවක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
එම බැංකු කටයුතු ඇතුළුව සියලුම මුදල් හුවමාරු කිරීම්වලට බාධාවක් නොමැති බවත් දින කිහිපය තුළ සියලුම අත්‍යවශ්‍ය බැංකු කටයුතුවලටද කිසිඳු බාධාවක් නොමැති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල රටේ ජනතාවගේ තැන්පත් මුදල් වලට සහ පොලියට කිසිඳු හානියක් නොවන්නේ යැයි සහතික වන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

