ගෙවී ගිය මස පහක කාලය තුළදී පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන හැටදහසක ලාභයක් ලබාගෙන ඇති බව එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පැවැසීය.
ඔහු පෙන්වා දෙන්නේ සංස්ථාව හිමිකරගෙන ඇති ලාභය ජනතාවට ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවය. එමෙන්ම ඉන්ධන මිල අඩු කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බව ඔහු පවසා සිටියේය.
මෙම ලාභය ලබාගැනීමට ප්‍රධාන හේතුව වූයේ සංස්ථාව තුළ ඇති අකාර්යක්ෂමතාව හා අක්‍රමිකතාවන් මගහරවා ගැනීමට හැකියාව ලැබී ඇති නිසා බව කළමනාකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
source – aruna

