අලුත් බදු හදුන්වාදෙමින් ජනතාව මත තවදුරටත් බර පැටවීම සිදු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා
බදු ජාලය පුළුල් කරමින් බදු අයකරගත යුතු පිරිස ඊට ඇතුළත් කරමින් අදායම් ඉහළ නංවාගැනීම රජයේ අපේක්ෂාව බව අද (28) ජනාධිපති මාධ්‍ය ඒකකයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවා.
අප රටේ දැනට පවතින ආදායම් ලිපිගොනු සංඛ්‍යාව 291766 ක් වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 10 ක් දක්වා වැඩිකරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

